ඒකනේ යකෝ “වෙනස”…..

භූත බලවේග අල්ලා
බෝතල් කුප්පි වලට දැම්මා
මිත්‍යාව රටටම පෙන්නා
මිනිසුන් මුලා කරනා

රජාගේ රෙදි සෝදා
වේලාලා දෙන්නා
කුණු වාහිනිය වීලා
“වෙනස”ක් ඇරඹීලා
රට තවත් වල පල්ලටම යවනා! 

මිනිසුන්ගේ රෝග පීඩා
මුළු රටටම පෙන්නා
භූත බලවේග කියලා
ජහමනයාගේ කුතුහලය අල්ලා
මිත්‍යාව මාර්කට් කරනා

මිනිසුන් මුලා කරනා
එකම චැනලය වීලා
වැඩසටහනට නමක් වැටුනා
හැබෑ “වෙනස”කි
රටම වනසන්න හදනා! 





[පින්තූරෙ - මගේ නෙමෙයි!] 

මට දෙන්න මම වෙන්න

මට ආසයි මම වෙන්න
ඔහේ මාවත්වල පියනඟන්න
හිතේ හැටියට ජීවත් වෙන්න
ඇති තරමට සතුටු වෙන්න
ඒත්……
උං එක්කම
මාව බලෙං ඇදගෙන යන
මගේ වෛරක්කාරයා….
මට පේන්න බෑ
”_______” 
නෑ එක්කෝ
මට පිස්සු!


[පින්තූරෙ-http://goo.gl/DaidX] 

ඔළුවේ ප්‍රමාණයට තෝරලා දාගන්න!


එකෝමත් එක දවසක් දා
වෙනදා වගේම
ගමේ හැමෝම
යනෙන විදිහටම
දන්න කියන වතු මැදින්
මාත් ගියා ගමනක්….


අයිති කාරයෝ හොඳින් හඳූනන
ගමේ හැමෝමත්
නිතර යනෙන වතු මැදින්…
ඒත්……..
එක වත්තකට පය තැබූ සැනින්
උං පැනපි මගේ ඇඟටම!


කෙල්ලෝ උසි ගැන්නූ හන්දාද මන්දා
උං…..
මාවම කන්න පැන්නා
නමුත්….
කෙල්ලෝ කිව්ව හන්දා
පන්න පන්නා එන්න එලෙසා
උන්ට මොළයක් නැතිවාද මන්දා!
බොරු චෝදනා එල්ල කරලා
පන්න පන්නා කන්න හැදුවා!


වත්ත හිමිකරු හඳුනන්නා…
හැබැයි මුන්…
කාගේ කවුද මන්දා…
වත්තේ මුරකරුවන්ද මන්දා….
වත්ත හිමි කරුට නැති රුදාවක්…
උන්ගේ හැසිරීමෙන්ම පෙනුනා…
ඒත් දම්වැල ලිහලා තිබ්බා….


උන්ගේ රැස්පොට් බලනු කුමටා….
බොරු චෝදනා ඉවසන්නෙ කුමටා…
යළිත් ඒ මඟ පස් නොපාගා
ගමන් යන්නට සිතට ගත්තා!



[පින්තූරෙ-http://goo.gl/kwRE9] 

වෙසඟ සහ වෙසඟන!


වෙසක් තොරණ්
වෙසක් පහන්
කිසිත් නැති
පාළු වීදියක
වෙසක් සඳ එළියෙන් 
දුටිමි 
වෙසඟනකගේ
මැලවුණු වත
෴෴





[පින්තූරෙ-http://goo.gl/9XkBH]

වෙසක් සිතුවිලි!

එල්ලුවා කොඩියක්
ඔව් ඒ බෞද්ධ කොඩියක්
පෙන්නන්නට
ශ්‍රද්ධාවේ තරම ගමටම
හැකිතාක් ඉහලින්ම
එල්ලුවා  බෞද්ධ කොඩියක්

එල්ලුවා බකට් එල්ලුවා
පහුගිය වසරේ
වෙසක් සතියේ
කරපු පව් කම් ගාණටම
බකට් සීයයකටත් වැඩිය
පෙන්නන්නට
ශ්‍රද්ධාවේ තරම ගමටම

නිවනක් කියා යමක් වෙද?
එසේනම් එය දුරයි
බෝ දුරයි
කිසිදා ලංවිය නොහැකි තරමටම! 




[පින්තූරෙ-http://goo.gl/yxDbX] 

එය එලෙස විය……..

නෙතට මා
රසඳුනා
මායාව
වෙත ගියා

සිත ගාව
දඟ කළා
හීනයට
ලං කළා

වසන්තය
දුර නිසා
සමනල්ලු
ඉඟිලුනා

දෙනෙත මා
බොඳ වුණා
පිණි බිංදු
ඉහිරුණා



[පින්තූරෙ-http://goo.gl/95cFy]

අනේ අපොයි ආදරේ!



හොඳට බීපු
සිංදු කියපු
ෆන්ම එකා
අපෙන් හැලුණු
ඌට ලැබුණු
ආදරේ

ශනිදා දවසේ
පිස්සු කෙලපු
තවත් එකෙක්
පිස්සු වැට්ටු
ඌට ලැබුණු
ආදරේ

එකට කාපු
එකට බීපු
අපේ සෙට් එක
වෙන් කරාපු
අනේ අපොයි
ආදරේ

ඌත් තනිව
අරුත් තනිව
මූඩ් ගහං
බලං ඉන්නෙ
නැති වෙලාලු
ආදරේ

ඔහොම තමයි
ඕවා මචං
ශනිදා දවසේ
වරෙං මචං
පරණ පුරුදු
තැනට මචං

සමරමු අපි
නැති වුණු ඒ
ආදරේ…..



[පින්තූරෙ-http://goo.gl/oXGv4]

ඇන්ටි වෛරස්!



සුකුමල කොමල
පෑ ඒ රැගුමන්
සිතුවාදෝ ඔබ
සූ විසි ළඳකැයි

සිරුරට තද වුනු
ආශා දහසක්
අතරින් බේරෙන
මැදි වියේ ලකුණක්

මුදුඟිල්ලේ නුඹෙ
සුදු පැහැ වටයක්
ඇති වුණේ කෙලෙස
කියපං ළඳුනේ?



[පින්තූරෙ-http://goo.gl/0eMz7]

හරි පුදුම “කාලය”

කාලය හරි පුදුමයි
පොහොට්ටු මල් කරවයි
මල් ගෙඩි කරවයි
ගෙඩි ඉදවයි
නටුවෙන් කඩා බිම දමයි
කුණු වී පණුවෝ ගසයි….
ජීවිතයත් ඔහොමයි
කාලය හරි පුදුමයි!




[පින්තූරෙ - http://goo.gl/45Y6a ]

ඇබ්බැහි වීම!


බෑ බෑ
ආයේ නම් කවදාවත්ම
නෑ නෑ මයි!

ඔන්න ඔහේ……….
එක්කෝ කමක් නෑ
අදට විතරක්!



[ පින්තූරෙ - http://goo.gl/u47uX ]