මාතෘකා නැත!
මත්තල ගුවනේ නැව් යනවා බලා වරෙන්
හම්බන්තොටේ අහස් යාත්‍රා බලා වරෙන්
පොඩි බේබිලා ෆන් ගන්නවා බලා වරෙන්
සාධුකාර දී ටොක්කක් ඇනං වරෙන්!
ඉන්නේ සිරිලකයි තඩි පාර්ලිමන්ට් එකක් යට
කන්නේ ලණු තමයි මැති ඇමතින් අඹරා දෙන
බොන්නේ වහ තමයි ආශ්චර්යේ දකින කොට
යන්නේ කවදා ද දියුණුව දකින්නට!
රහමජ වෙතේ තුන් හෙළයම එක් කරලූ
සේනා වෙතේ දෙස බස රැස තුන රැකුණු
විපක්ෂ නැතේ තව තව බිල් වැඩි කරනු
ජහමනයා අපියි නාසය විද ලණු දැමුණු!
එපා සොඳුරිය නෙත් කැළුම් යලි
ඔබේ දෙනුවන්
හමු වූ විගසින්
ප්‍රථම ප්‍රේමයේ
තියුණු කටු තුඩු
පාරවයි හද
සියුම් තැන් සැම….
හමු නොවන්නට
වසා ගනු නෙත්
දිලෙන මුදුවැති
ඔබේ වමතින්….
එපා සොඳුරිය
නෙත් කැළුම් ඔබේ….
වනචර සිත
දම් මළුව පුරාවට
පෙම් උයන් සිරි මවන
පෙම්වතුන් සිල්වත්ය
මගේ හිත වනචරය
බුලත් කොළේ මත තැබූ
සල්ලියට සෙත සදන
තෙදැති බල මහ දෙවින්
හාෆ් ඩේ දමා යති
අමු කැවුනු සැදැහැවත්
මිනිස් කැල පෝලිමේ
නෙක ඵලැති වට්ටි ගෙන
දෙව්ට ෆෘට් සැලඩ් දෙති
තරුණ කෙලි වටකරන්
අනිත්‍යයේ දහම් දෙන
සාදු හරි සිල්වත්ය
මගේ හිත වනචරය
විරහව සහ සොම්නස…
නැත… සොඳුර… නැත….
මා මේ මධු බඳුන් සිස් කරනුයේ
නුඹ, මා හැරදමා ගිය
දොම්නස අමතක කෙරුමට නොව…
මධු බඳුන් විසි කරනු යැයි
මා අස සිට කඳුළු සලනට
දැන් කිසිවෙකුත් නැති
හරි අපූරු රටක් තියෙනවා ඕයි!
වෙන විශ්වෙක ඈත කොනේ
හරි අපූරු රටක් වෙතේ
හොරු රකින්න නීති ඇතේ
හොඳ වැඩ එහෙ කළොත් හිරේ
ආගම රැස රකින ලෙසේ
‘සේනා’ නම් නමක් ඇතේ
නීතිය ගෙන අතට සැපේ
උඩට යටට වනනු ඇතේ
හරකුන් හිස ගසනු නැතේ
අහු උනොතින් මරනු ඇතේ
බාබකියු ය රෑට සැපේ
කැහැටු කුකුළ් නිවන් යතේ
කාකි ඇඳුම් එහෙත් ඇතේ
සේනා පසු පසින් යතේ
නීතිය උඩ දමන දෙසේ
කට බලියං බලන් ඇතේ
චංගුමි රෑ ඇඳට එතේ
උයා පිහා කවනු ඇතේ
බඩු මිල හඳ දෙසට ඇදේ
ජහමනයට ගණන් නැතේ
පිස්සු යක්කු බලයේ ඇතේ
උන්ගේ මළු පිරෙනු ඇතේ
උගේ දරුවන් සූර් වෙතේ
ජොලියට වලි දමනු ඇතේ
රට වලටම තවත් යතේ
ඒත් ඉතිං කමක් නැතේ
ලොවෙම උතුම් රටක් ලෙසේ
නමක් දමන් සතුටු වෙතේ!
උත්සව සමය…
සේරිවාණිජලාට හරියට බිස්නස්….
කච්ඡපුටලා ළඟින් හැරී
මිනිසුන් දුවයි සේරිවාණිජලා ළඟට
ලොකු ලොකු ඩිස්කවුන්ට් වලට
සේරිවාණිජලා දෙස බලා
කච්ඡපුටලා, ලය පැලී පැලී දිවි ගෙවත්
ඒ බංකුව…
නුඹයි ඔහුයි
වෙරළ අද්දර බංකුවේ ඉඳං
උන්නත් කුඩෙන් මූණු වහං
ඔහුගේ දෙ අතේ
පැටලි නලියන
ඔය ඇඟිලි තුඩු
හොඳටෝම ඇති මට
අඳුන ගන්නට නුඹව
ඔහොම්මම මූණ වහං
හිමීට ලං වෙලා බංකුවට
අහලා බලං බංකුවෙන්
නුඹ එනකං මං
මඟ බලං උන්නු තරම්…
පැය වලින් නම් ලොකු වැඩි ඇති
බංකුවට ගාණ හදන්න
ඔව්! ඔය බංකුවට!
එලෙස මඟ බලා
දුටු ගමං නුඹ
වෙනස් වන මා
හදේ රිද්මය
දැනුණෙත් බංකුවටමයි
බංකුවට විතරමයි
ඔව්……
නුඹයි ඔහුයි
ඈදිගෙන මුකුළු කරන
ඔය බංකුවටමයි!
දැන්නම් පෙනෙද්දිත්
ඔරවගෙනමයි මං යන්නේ බංකුවට
නුඹේ හොර හිත ගැන
නිකමටවත් මට නොකීව….
ඔව්! ඔය බංකුවට!
එක්තරා පියෙක්……
පාට පාට සීනි බෝල කොහොම ගෙනෙන්නද
නේක හැඩැති බැලුම් බෝල කොහොම ගෙනෙන්නද
මේ මාසෙට උඹට බොන්න කිරි පැකැට්ටුවට
ගාණ පමණි අතේ ඉතිරි පයින්ම එමි ගෙට
පහුගිය දා උඹට පුතේ උණ ගන්නා කොට
දොස්තරලා වර්ජනයේ දරුවන් බිල්ලට
උනුත් පුතේ ඉගෙන ගත්තේ බදු මුදලින් අප
ඒත් පුතේ හැම ගිණිගෙඩි අපගේ හිස මත
එදා දිනේ උඹට පුතේ බෙහෙත් ගෙනෙන්නට
අම්මා උඹේ ණයට ගත්තේ වැඳලා සුමනට
කඩයේ මුදලාලිත් මට ගෝරනාඩු කළ
“ණය ගෙවපන් නැත්තම් තව බඩු දෙන්නේ නැත”
අමාරුවෙන් අටෝ ගත්තු පැල් කොටේට මම
බදු ගෙව්වෙත් මේ වසරේ ණයවී ජින්නට
කඳුලු උනයි මටත් නොදැනි දෑස් අගිස්සට
මහරජාගේ පැටව් පුතේ රේස් පදින කොට
ඒකාකාරී….
ක්‍රීං….. ක්‍රීං……. එලාමය
නින්දට පෙරම වදින
දෑත වත දොවන
සිත තවම නිදිය
කලිසම් කමිස සපත්තු
තත්පර ගණනකි මෙමට
හිසකෙස් අවුල් කර
බස් නැවතුමට දුවන
කොන්දොස්තර මහ තැන
පැක් කරයි සෙනඟ
ඔතනින් පස්සට!
නෑ නෑ ඉස්සරහට!
කොහේ උන්නත් කම් නැත
සල්ලිනම් ගන්න
මාරු අත නොමැත
ඉතුරු ඉල්ලං යන්න!
ලැජ්ජාව එහි නැත
ගැහැණු පිරිමි තෙරපෙන
දාඩිය මුගුරු බේරෙන
මේකප් සේදී,
සාරි මත පෙරෙන….
හන්සයින් තෙරපෙන
වෙහෙස මා නසන….
නැවතත් සවසට
කඩි මුඩිය ගෙදර දුවනට
කෙල්ලන් කොල්ලන් බල්ලන්
එක පිම්මේ දුවන
මා නිශ්චලව නරඹමි
වෙහෙස වූ නගරය
ගෙදර යන්නට පොරකන
රෑ බෝවී යළිත් නිවසට
බස් රථයකට පැක් වෙන
හන්සයින් තෙරපෙන
වෙහෙස මා නසන….
රාත්‍රී කෑම වේලට
ලයිව් ඇට් එයිට් ගිලින
හෙට වැඩට යන්නට
අදම සූදානම් වෙන
සියල්ල අවසන
ඇඳ දකින සඳ
ක්‍රීං….. ක්‍රීං……. එලාමය
නින්දට පෙරම වදින!



