ආගමෙන් තොර ලෝකයක්?

මං
කල්පනා කළා
කල්පනා කළා
කල්පනා කළා
අවසානයේ
මං
තීරණය කළා
ලෝකේ ප්‍රශ්ණ
බොහෝමයකට හේතු වුණ
තවත් එක්
කාලකණ්නි හේතුවක්
“ආගම”
මං
ආයෙත් කල්පනා කළා
මේ ලෝකේ
ආගම් නොතිබ්බනම්…

එහෙම උනොත්
කොහොමද
මැරෙන මිනිස්සු
ආයේ උපදින්නේ?
එතකොට කොහොමද
ලබන ආත්මෙට
පිං රැස් කරන්නේ?
ඔක්කෝටමත් වඩා
ආගමක් නැතිව
දෙයියෝ කොහොමද
ලෝකේ මවන්නේ?
අපොයි….
ලෝකේ නැතුව
අපි කොහොමද
පිස්සු කෙලින්නේ?
[පිතූරෙ-http://tinyurl.com/c74x8fj]




