ආදරී….
පුංචිම දේටත්
තරහෙන් දත් කන
අත මිට මොලවා
මා හට ගොරවන
ආයෙත් සැනෙකින්
ඇස් දෙක රතු කර
ඈ හිස, මා ලය
මතම සතපවන
නාහෙට නාහන
හිතුවක්කාරී
මං ආසම නුඹේ
ඔය පොඩි නාහෙට…
දුක් මුසු දෑසින්
බලනා බැල්මෙන්,
රත් පෑ ගැන්වුණු
කම්මුල් මත රැඳි
දිලි දිලි දිස්වෙන
මුතු කැට පිසින්න
අවිඥානිකව
මා අත පොලබන
නාහෙට නාහන
හිතුවක්කාරී
මං ආසම නුඹේ
ඔය පොඩි නාහෙට…
සිතුවිලි පෙමින් වෙලී….

බඳින් අල්ලා තුරුළු කර නුඹ
හාදු දෙවමින් ගමන් කරනට
අවට ලෝකයේ
නෙතු වසා
අනේ මාවත දිගු උනානම්
අඩුම තරමින්
අනන්තය තෙක්!
[පිතූරෙ-http://goo.gl/uCRwG]





