කවිද මන්දා....

  • Archive
  • RSS
banner

මාතෘකා නැත!

මත්තල ගුවනේ නැව් යනවා බලා වරෙන්
හම්බන්තොටේ අහස් යාත්‍රා බලා වරෙන්
පොඩි බේබිලා ෆන් ගන්නවා බලා වරෙන්
සාධුකාර දී ටොක්කක් ඇනං වරෙන්! 

ඉන්නේ සිරිලකයි තඩි පාර්ලිමන්ට් එකක් යට
කන්නේ ලණු තමයි මැති ඇමතින් අඹරා දෙන
බොන්නේ වහ තමයි ආශ්චර්යේ දකින කොට
යන්නේ කවදා ද දියුණුව දකින්නට!

රහමජ වෙතේ තුන් හෙළයම එක් කරලූ
සේනා වෙතේ දෙස බස රැස තුන රැකුණු
විපක්ෂ නැතේ තව තව බිල් වැඩි කරනු
ජහමනයා අපියි නාසය විද ලණු දැමුණු!

    • #මඤ්ඤං සිතුවිලි
  • 4 weeks ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

සඳ…

    • #මඤ්ඤං සිතුවිලි
  • 8 months ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

මට දෙන්න මම වෙන්න

මට ආසයි මම වෙන්න
ඔහේ මාවත්වල පියනඟන්න
හිතේ හැටියට ජීවත් වෙන්න
ඇති තරමට සතුටු වෙන්න
ඒත්……
උං එක්කම
මාව බලෙං ඇදගෙන යන
මගේ වෛරක්කාරයා….
මට පේන්න බෑ
”_______” 
නෑ එක්කෝ
මට පිස්සු!


[පින්තූරෙ-http://goo.gl/DaidX] 

    • #මඤ්ඤං සිතුවිලි
  • 1 year ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

වෙසඟ සහ වෙසඟන!


වෙසක් තොරණ්
වෙසක් පහන්
කිසිත් නැති
පාළු වීදියක
වෙසක් සඳ එළියෙන් 
දුටිමි 
වෙසඟනකගේ
මැලවුණු වත
෴෴





[පින්තූරෙ-http://goo.gl/9XkBH]

    • #මඤ්ඤං සිතුවිලි
  • 1 year ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

එය එලෙස විය……..

නෙතට මා
රසඳුනා
මායාව
වෙත ගියා

සිත ගාව
දඟ කළා
හීනයට
ලං කළා

වසන්තය
දුර නිසා
සමනල්ලු
ඉඟිලුනා

දෙනෙත මා
බොඳ වුණා
පිණි බිංදු
ඉහිරුණා



[පින්තූරෙ-http://goo.gl/95cFy]

    • #අනං මනං
    • #මඤ්ඤං සිතුවිලි
  • 1 year ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

අනේ අපොයි ආදරේ!



හොඳට බීපු
සිංදු කියපු
ෆන්ම එකා
අපෙන් හැලුණු
ඌට ලැබුණු
ආදරේ

ශනිදා දවසේ
පිස්සු කෙලපු
තවත් එකෙක්
පිස්සු වැට්ටු
ඌට ලැබුණු
ආදරේ

එකට කාපු
එකට බීපු
අපේ සෙට් එක
වෙන් කරාපු
අනේ අපොයි
ආදරේ

ඌත් තනිව
අරුත් තනිව
මූඩ් ගහං
බලං ඉන්නෙ
නැති වෙලාලු
ආදරේ

ඔහොම තමයි
ඕවා මචං
ශනිදා දවසේ
වරෙං මචං
පරණ පුරුදු
තැනට මචං

සමරමු අපි
නැති වුණු ඒ
ආදරේ…..



[පින්තූරෙ-http://goo.gl/oXGv4]

    • #මඤ්ඤං සිතුවිලි
  • 1 year ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

ඇන්ටි වෛරස්!



සුකුමල කොමල
පෑ ඒ රැගුමන්
සිතුවාදෝ ඔබ
සූ විසි ළඳකැයි

සිරුරට තද වුනු
ආශා දහසක්
අතරින් බේරෙන
මැදි වියේ ලකුණක්

මුදුඟිල්ලේ නුඹෙ
සුදු පැහැ වටයක්
ඇති වුණේ කෙලෙස
කියපං ළඳුනේ?



[පින්තූරෙ-http://goo.gl/0eMz7]

    • #මඤ්ඤං සිතුවිලි
  • 1 year ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

පුක උඩ දමනා ශ්‍රද්ධාව!

බීමත්ව වෙරි වූ
ඌ තරුණ කොල්ලෙක්
මා මිතුරන් කීවේ
ඌ ජොයින්ට් පප්පෙක්
මා සිටි බසයටම ගොඩවී වැනෙමින්
අසුන් ගත්තයි කෙල්ලෙක් අසලින්

සෑම විටදීම
පන්සලක් පහුවෙනා ක්ෂණයෙන්
පුක උඩ දමයි ඌ
කෙල්ල දෙස බලා හොරැහින්

ඌ පුක උඩ දමනවා දැක
“අන්න ආදර්ශමත් කොල්ලෙක්”
කියා දොහොත් මුදුනේ රන්දා
සාධු කාර දුන්නයි
මා අසල සිටි
සීයෙක්! 

    • #මඤ්ඤං සිතුවිලි
  • 1 year ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

හොඳ කොන්දා!

“පස්සේ දෙන්නම් කියූ”

ඉතිරි රුපියල

මතක් කර අතට දෙන

කොන්දෙක් ඔබ දැක ඇද්ද?

මට මුණු ගැසුනි

එවන් කොන්දෙක්

Read More

    • #මඤ්ඤං සිතුවිලි
  • 1 year ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

About

ඊ මේලට ගෙන්න ගන්න:

Delivered by FeedBurner



මංම ලියන

වීදුරු ගෙවල්
Google+Find us on Google+

ෆලෝ කරන්න

Subscribe in a reader

මං ගත්තු පොටෝ

www.flickr.com
This is a Flickr badge showing public photos and videos from Poorna Sanjeewa. Make your own badge here.

කවි පේන තැන්

lankeeya sithuwili
සිංහල බ්ලොග් කියවනය

මූණුපොතෙන් හඹා එන්න

Follow this blog

Twitter

loading tweets…

  • RSS
  • Random
  • Archive
  • Mobile

Effector Theme by Pixel Union.

Powered by Tumblr